Thursday, April 25, 2024

General line - 0115112241

අන්තරේ කැඳවුම්කරු ඇතුළු 06කට වරෙන්තු




අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළා. ඒ, මීට වසර දෙකකට පෙර විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට දී විරෝධතාවක් සිදු කර මහජන පීඩා සිදු කළේ යැයි කියන චෝදනාවකට අදාළ නඩුවක් අද යළි කැඳවූ අවස්ථාවේදීයි.

ලහිරු වීරසේකර ඇතුළු හය දෙනා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මෙලෙස වරෙන්තු නිකුත් කළා. 
මෙම නඩුව අගෝස්තු මස 25 වනදා යළි කැඳවීමට නියමිතයි.