Thursday, April 25, 2024

General line - 0115112241

ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ ‘නෙත් ස්පෝර්ට්ස්මන්ට‘ ක‍්‍රීඩාවේ විශිෂ්ටයන් රැසකගෙන් සුභ පැතුම් (PHOTOS)




ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ තවදුරටත් ඉදිරියට යාම සදහා සියලූ පාර්ශව බොහෝ පාර්ශව කැපකිරීම් සිදු කළ යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 

ඊයේ රාත‍්‍රියේ පැවති ජනාධිපති ක‍්‍රීඩා සම්මාන උළෙල අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ සැලකිය යුතු ප‍්‍රගතියක් අත්කර ගෙන ඇති බවද ජනාධිපතිවරයා අවධාරණය කළා. 

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති මෙම උත්සවයේ දී ක‍්‍රීඩකයින්, පුහුණුකරුවන් මෙන්ම ක‍්‍රීඩාව වෙනුවෙන් දායකත්වය ලබාදෙන මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් ද ඇගයීමට ලක් කෙරුණා. 

වසරේ විශිෂ්ටතම ක‍්‍රීඩකයා ලෙස පිහිනුම් ශූර මැතිව් අබේසිංහ සම්මාන හිමිකර ගත් අතර වසරේ විශිෂ්ටතම ක‍්‍රීඩිකාව ලෙස සම්මාන හිමි කර ගත්තේ මළල ක‍්‍රීඩිකා නිමාලි ලියනාරච්චියි. 

විශිෂ්ටතම ක‍්‍රීඩා තාරකාව සදහා වූ ජනතා සම්මානය මැතිව් අබේසිංහට හිමි වුණා. 

විශිෂ්ටතම ආබාධිත ක‍්‍රීඩකයා ලෙස දිනේෂ් ප‍්‍රියන්ත හේරත් සම්මාන හිමිකර ගත් අතර විශිෂ්ටතම ආබාධිත ක‍්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ අමරා ඉන්දුමතී කරුණාතිලකයි. 

ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ද උත්සව සභාව ඇමතුවා. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩයන් මෙන්ම කනිෂ්ඨ ක්‍රීඩකයන්ද ඇගයීමේ නව වැඩපිළිවෙලක් මේ වසරේ සිට ආරම්භ කළ බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

මෙම සම්මාන උළලේ දී නෙත් නිවුස් වෙනුවෙන් ‘‘නෙත් ස්පෝර්ට්ස්මන්’’ වසරේ විශිෂ්ටතම ක‍්‍රීඩා වාර්තාමය වැඩසටහනට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා. 

එම සම්මානය නෙත් නිවුස් වෙත හිමිවීම පිළිබද ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනෙකු සුභ පැතුම් එක්කිරීම විශේෂත්වයක්. 

මේ, ඒ පිළිබද නෙත් නිවුස් තබන සටහනක්