Friday, March 29, 2024

General line - 0115112241

මුම්බායි ඉන්දියන්ස් අයි පී එල් අවසන් සටනට




ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ රාත‍්‍රියේ සමත් වුණා. 

ඒ, අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවති දෙවන තරගයේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලූ 06කින් පරාජය කරමින්. 

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 05ක දී ලකුණු 107කට දැවී ගියා. 

කර්න් ශර්මා ලකුණු 16කට කඩුලූ 04යි. ලසිත් මාලිංග ලකුණු 24කට එක් කඩුල්ලක් බිද හෙලූවා. 

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 03කදී කඩුලූ 04ක් පමණක් දැවී ජයග‍්‍රාහි ඉලක්කය පසුකර ගියා. 

ඒ අනුව හෙට පැවැත්වෙන 2017 අයි පී එල් අවසන් මහා තරගයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම, රයිසින් පූනේ සුපර් ජයන්ට් කණ්ඩායම සමග තරග වැදීමට නියමිතයි. එම තරගය හයිද්‍රාබාද්හි දී පැවැත්වීමට නියමිතයි.