Wednesday, April 17, 2024

General line - 0115112241

නිමාලි සහ මැතිව් ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලෙ විශිෂ්ඨයින් වෙයි (PHOTOS)




ජනාධිපති ක‍්‍රීඩා සම්මාන උළෙල ඊයේ රාත්‍රියේ අති උත්කර්ශවත් ලෙස පැවැත්වුණා.

ක‍්‍රීඩකයින්, පුහුණුකරුවන් මෙන්ම ක‍්‍රීඩාව වෙනුවෙන් දායකත්වය ලබාදෙන මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් ද එහිදී ඇගයීමට ලක් කෙරුණා. 

පසුගිය වසරේ මළල ක්‍රීඩා ක්ෂේත‍්‍රයේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් හා පුහුණුකරුවන් මෙහිදී ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ අතර වසරේ විශිෂ්ඨතම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර වූයේ නිමාලි ලියනආරච්චියි. වසරේ විශිෂ්ඨතම ක්‍රීඩකයා වූයේ මැතිව් අබේසිංහයි.

මනෝජ් අබේසිංහට වසරේ විශිෂ්ඨතම පුහුණුකරු සම්මානය හිමිවුණා.

ග්‍රේෂාන් ධනංජය  වසරේ යොවුන් මළල ක්‍රීඩකයා ලෙසත්,කිමිකෝ රහීම්  වසරේ යොවුන් මළල ක්‍රීඩිකාව ලෙසත්,ෆිලිල් රන්ජිත් වසරේ යොවුන් පුහුණුකරු ලෙසත් එහිදී සම්මානයට පාත්‍ර වුණා.

වසරේ කණිෂ්ඨ මළල ක්‍රීඩකයා සම්මානය දිනාගනු ලැබුනේ ශාලික සන්තුෂ් විසිනුයි.වසරේ කණිෂ්ඨ මළල ක්‍රීඩිකාව සම්මානය අර්සියා විජේබස්කර්ට හිමිවුණා.

16න් පහළ  4x400 සහය දිවීමේ කාන්තා කණ්ඩායමට වසරේ කණිෂ්ඨ කණ්ඩායම (ගැහැණු) සම්මානය හිමිවූ අතර පිරිමි සම්මානය හිමිවූයේ ශ්‍රී ලංකා 15න් පහළ ක්‍රිකට් කණ්ඩායමටයි

මෙම සම්මාන උළලේ දී නෙත් නිවුස් වෙනුවෙන් ‘‘නෙත් ස්පෝර්ට්ස්මන්’’ වසරේ විශිෂ්ටතම ක‍්‍රීඩා වාර්තාමය වැඩසටහනට හිමි සම්මානය හිමි කරගනු ලැබුවා.