Thursday, April 25, 2024

General line - 0115112241

ආසියානු යොවුන් මළල ක‍්‍රීඩා තරගාවලියේ දී සිංහ පැටව් දස්කම් අතරට (PHOTOS)




තායිලන්තයේ පැවැත්වෙන දෙවන ආසියානු යොවුන් මළල ක‍්‍රීඩා ශූරතා තරගාවලියේ දී දක්ෂතා දැක්වීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කිහිප දෙනෙකු සමත් වුණා.

 ටිරාන් රවිෂ්ක මීටර් 400 පිරිමි ඉසව්වේ මූලික වටයේ තරගයකින් පළමු ස්ථානය හිමිකර ගත්තේ තත්පර 49.16කින් එම ඉසව්ව නිම කරමින්. 

මීටර් 400 කාන්තා මූලික වටයේ තරගයකට සහභාගී වූ සදමිණි උදාරා එහි දෙවන ස්ථානය දිනා ගත්තේ තත්පර 57.52කින් තරගය නිම කරමින්. 

මූලික වටයේ මීටර් 100 පිරිමි ඉසව්ව නියෝජනය කළ සුරාජ් රත්නසිරි එහි දෙවන ස්ථානය දිනාගත් අතර සචිනි තාරකා මීටර් සියය කාන්තා ඉසව්වේ සිව්වන ස්ථානය හිමිකර ගත්තා. 

මෙම ක‍්‍රීඩකයින් සිව් දෙනාම ඔවුන් සහභාගී වූ ඉසව්වල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම විශේෂත්වයක්.