Thursday, April 25, 2024

General line - 0115112241

තිරාන් තායිලන්තයේදී පදක්කම් බලාපොරොත්තුවක් දල්වයි (PHOTOS)




තායිලන්තයේ පැවැත්වෙන ආසියානු යොවුන් මළල ක‍්‍රිඩා තරගාවලියේ ශ‍්‍රී ලංකාවට පදක්කමක බලාපොරොත්තුවක් ඇති කිරීමට තිරාන් රවිෂ්ක අද (20) පස්වරුවේ සමත් වුණා. 

ඒ, මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ අවසන් පුර්ව තරගයේ දෙවන ස්ථානය දිනා ගනිමින්. 

ඔහු දැක්වූ දක්ෂතාව තත්පර 48යි දශම හයයි දෙකක්. 

එම දක්ෂතාව තිරාන් රවිෂ්කගේ පෞද්ගලික හොඳම කාලය ලෙසද දැක්වෙනවා. 

මීටර 400 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිතයි. 

අවසන් තරගයට පිවිසි ක‍්‍රිඩකයන්ගේ කාල ගණනයට අනුව තිරාන් රවිෂ්කට දෙවන ස්ථානය හිමිව තිබෙනවා. 

මේ හේතුවෙන් ශ‍්‍රී ලංකාවට පදක්කම් බලාපොරොත්තුවක් තබා ගත හැකි බවයි ඔහුගේ පුහුණුකරු අමිල ප‍්‍රසන්න නෙත් ස්පෝර්ට්ස්මන් වෙත තායිලන්තයේ සිට අදහස් දක්වමින් කියා සිටියේ.