Thursday, April 25, 2024

General line - 0115112241

මෙවර බ‍්‍රැඞ්බි කුසලාන රග්බි තරගාවලියේ ජය කොළඹ රාජකීය විද්‍යාලයට (PHOTOS)




මෙවර බ‍්‍රැඞ්බි කුසලාන රග්බි තරගාවලියේ පළමු අදියරේ ජය හිමිකර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුණා. 

ඒ, මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලය ලකුණු 22ට 17ක් ලෙස පරාජයට පත් කරමින්. 

පළමු අර්ධය නිමා වන විට ලකුණු 10ට 05ක් ලෙස ඉදිරියෙන් පසු වූයේද රාජකීය විද්‍යාලයයි. 

ඔවුන් උත්සාහක  දිනුම් 03ක් දඬුවම් පහර 04ක් සහ ගෝල 02ක් සමගින් ලකුණු 22 වාර්තා කර තිබුණා. 

මෙම තරගය පැවැත්වුණේ පල්ලේකැලේදීයි. 

මෙම විදුහල් දෙක අතර වාර්ෂිකව පැවැත්වෙන බ‍්‍රැඞ්බි කුසලාන රග්බි තරගාවලියේ දෙවන අදයර ලබන සති අන්තයේ පැවැත්වෙනවා.