Saturday, April 20, 2024

General line - 0115112241

නිල මෙහෙවර ජනපති ජනතා සේවය කිළිනොච්චියට




‘‘නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ‘‘ තවත් වැඩසටහනක් අද කිළිනොච්චියේ දී  ආරම්භවනවා. ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ඍජු මැදිහත්වීමෙන් සංවිධාන කෙරෙන මෙය කිළිනොච්චි දිස්ත‍්‍රික්යේ කණ්ඩාවාලයි සහ පච්චිලප්පල්ලෙයි ප‍්‍රදේශවලදී පැවැත්වෙනු ඇති.

පළමු වැඩසටහන කණ්ඩාවාලයි ධර්මපුරම්  මහා විද්‍යාලයේදී ඊයේ උදෑසන 08ට ආරම්භ වුණා. දෙවන වැඩසටහන අද (21) ආරම්භ වන්නේ පල්ලෙයි මහා විද්‍යාලයේදීයි. නිල මෙහෙවර වැඩසටහන පැවැත්වෙන තුන්වන අවස්ථාව මෙය වනවා. අද පැවැත්වෙන වැඩසටහන සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් දැක්වූවා. 

මෙම වැඩසටහනට සියලූ දේශපාලන පක්ෂවල නියෝජිතයින් ද සහභාගි වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.