Thursday, April 25, 2024

General line - 0115112241

හිමි නමකට ප්‍ර‍හාරයක්!




බණ්ඩාරවෙල - හීල්ඔය පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට පහරදුන් බව කියන පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඊයේ (20) රාත‍්‍රීයේ මෙම පහරදීම සිදුව ඇති බවයි.

විහාරාධිපති හිමියන් ධර්ම දේශනාවකට සහභාගි වී ආපසු විහාරස්ථානයට පැමිණෙමින් සිටිය දී අතරමග සිටි පිරිසක් උන්වහන්සේට සහ වාහනේ රියදුරුට මෙලෙස පහරදී ඇති බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූ විහාරාධිපති හිමියන් බණ්ඩාරවෙල දිසා රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.