Saturday, April 20, 2024

General line - 0115112241

හෙට වෛද්‍ය වර්ජනය ස්ථීරයි




සැළසුම් කළ පරිදි හෙට (22) පෙරවරු අටේ සිට දහවල් 12 දක්වා සංකේත වැඩවර්ජනය ක‍්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කළේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ විරෝධතා පාගමනට එල්ල වූ පොලිස් ප‍්‍රහාරයට එරෙහිව සහ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට එල්ල වූ අත්බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන ක‍්‍රියාත්මක නොකිරීමට එරෙහිව මෙම වැඩවර්ජනය සිදු කරන බවයි.