Friday, April 19, 2024

General line - 0115112241

ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙලේ බලාපොරොත්තු 04ක් අද පිටියට




තායිලන්තයේ පැවැත්වෙන ආසියානු යොවුන් මලල කී‍්‍රඩා තරගාවලියේ ශී‍්‍ර ලංකා පදක්කම් බලාපොරොත්තු 4ක් අද තරග බිමට පිවිසෙනවා. කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ තිරාන් රවිෂ්ක ඉන්ද්‍රජිත් මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයට එක්වීමට නියමිතයි. කාල ගණනය අනුව අවසන් තරගයට පිවිස සිටින කී‍්‍රඩකයන් අතර ඔහුට හිමිව ඇත්තේ දෙවන ස්ථානයයි.

කෑගල්ල ශාන්ත ජෝශෆ් බාලිකා විද්‍යාලයේ සදුමිනි බණ්ඩාර මීටර් 400 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගයට අද සහභාගි වනවා. ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සචිනි තාරකා මීටර් සියය කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගයට සහභාගි වීමට නියමිතයි.

වලල එ් රත්නායක විද්‍යාලයේ හර්ෂ කරුණාරත්න සහභාගි වන පිරිමි දුර පැනීමේ ඉසව්වේ අවසන් තරගය ද අද පැවැත්වෙනවා. මෙම සියලූ අවසන් තරග අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. දෙ

වන වරට පැවැත්වෙන ආසියානු යොවුන් මලල කි‍්‍රඩා තරගාවලියට තායිලන්තය මෙවර සත්කාරකත්වය ලබාදෙනවා.