Thursday, April 25, 2024

General line - 0115112241

හෙට පෞද්ගලික වෛද්‍ය සේවාවලිනුත් වෛද්‍යවරුන් ඉවත් වෙයි




සයිටම් ගැටලුව ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍යවරුන් හෙට (22) උදෑසන 8.00 සිට අනිද්දා (23) උදෑසන 8.00 දක්වා සිදු කිරීමට නියමිත වැඩවර්ජන කාලය තුළ පෞද්ගලික වෛද්‍ය සේවාවලින්ද ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට දිනයේදී පෞද්ගලික වෛද්‍ය සේවා සහ චැනලින් සේවා සඳහා කිසිඳු වෛද්‍යවරයෙක් එක් නොවන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කළේ.