Thursday, March 28, 2024

General line - 0115112241

තත්පර දශම ගණනකින් ශ්‍රී ලංකාවට රන් පදක්කම අහිමි වෙයි




ආසියානු යොවුන් මලළ කී‍්‍රඩා තරගාවලියේ දී ශ‍්‍රී ලංකාවට අද (21) රිදී පදක්කමක් හිමිවුණා.

එය දිනා දුන්නේ හර්ෂ කරුණාරත්නයි.

ඒ, මීටර් 800 ධාවන ඉසව්වෙන්.

ශ‍්‍රී ලංකාවට රන් පදක්කම අහිමි වූයේ තත්පර දශම බින්දුවයි බින්දුවයි දෙකකින් වීම විශේෂත්වයක්. ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ රන් පදක්කම දිනා ගත්තේ ඉන්දීය ක‍්‍රීඩකයායි.

ඔහුගේ තරග නිමි කාලය විනාඩි එකයි තත්පර පනස් හතරයි දශම නවයයි නවයයි එකක්.

ශ‍්‍රී ලංකාවේ හර්ෂ කරුණාරත්න තරගය නිම කළේ විනාඩි එකයි තත්පර පනස් හතරයි දශම නවයයි නවයයි තුනකින්.

හර්ෂ කරුණාරත්න වලල එ් රත්නායක විද්‍යාලයේ ක‍්‍රීඩකයෙක්. දෙවන වරට පැවැත්වෙන ආසියානු යොවුන් මලල කි‍්‍රඩා තරගාවලියට මෙවර සත්කාරකත්වය ලබාදෙන්නේ තායිලන්තයයි.