Thursday, April 25, 2024

General line - 0115112241

අතුරුදන් වූ වෛද්‍යවරයාගේ සිරුර හමුවෙයි (VIDEO)




මාකෙලිය ඇල්ලෙන් ඇද වැටී අතුරුදන් වූ කොළඹ ජාතික රෝහල් වෛද්‍යවරයාගේ මළ සිරුර අද (21) හමුවී තිබෙනවා.

27 හැවිරිදි මෙම වෛද්‍යවරයා මාකෙලිය ඇල්ල නැරඹීමට ගොස් පය ලිස්සා වැටීමෙන් ඇල්ල පාමුල පිහිටි ගැඹුරු ස්ථානයකට ඇදවැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අගලවත්ත ජාතික භාෂා අධ්‍යාපන පුහුණු ආයතනයේ දෙමළ භාෂා පුහුණුව හැදැරීමට පැමිණ සිටියදී ඔහු මෙම සිද්ධියට මුහුණ දුන්නා.

නාවික හමුදාව සිදුකරන ලද මෙහෙයුම්වලින් අනතුරුව මෙම වෛද්‍යවරයාගේ සිරුර හමුවී තිබෙනවා.