Friday, April 26, 2024

General line - 0115112241

උදෑසන අටේ සිට වෛද්‍යවරු පැය 24ක් වර්ජනයේ - සිසුන්ට පහර දෙනවා - සයිටම් නාට්‍ය - බෝම්බ ප්‍රහාරය - රජයට චෝදනා රැසක් එල්ල වෙයි




කරුණු 05ක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (22) පෙරවරු 08ට දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරනවා. 

එය අවසන් කිරීමට නියමිතව ඇත්තේ හෙට පෙරවරු 08ටයි. මෙම වර්ජනයට බලපෑ කරුණු සම්බන්ධයෙන් නෙත් නිවුස් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්දගෙන් විමසීමක් කළා.

මේ රටේ රෝගීයෙක්ට සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගැනීම සදහා ඇති අයිතිවාසිකම්ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි විශ්ව විද්‍යාල සිසුන් හට සාමකාමී වීරෝධතාවක දී ඉතාමත් වැරදි ලෙස පොලිසිය විසින් පහර දුන්නා. එයට විරෝධය පළකිරීමත් මේ රටේ රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමට සඳහා පිහිටුවා ඇති ස්වාධීන උත්තරීතර ආයතනය වන සභාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර මෙතෙක් කිසිදු පියවරක් රජය අරගෙන නෑ. ඒ වගේම සයිටම් ආයතනයේ විධායක අධ්‍යක්ෂකවරයා විසින් රඟදක්වපු ඒ වෙඩි තැබීමේ සිද්ධියට කිසිදු පියවරක් පොලිසිය අරගෙන නෑ. ඒ වගේම රජයේ වෛද්‍ය සංගමය විසින් අල්ලස් හා දුෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මේ කිසිම දෙයකට මෙතෙක් පියවර ගෙන නෑ. 

මේ රටේ රෝගීයෙක්ට සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගැනීම සදහා ඇති අයිතිවාසිකම්ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි විශ්ව විද්‍යාල සිසුන් හට සාමකාමී වීරෝධතාවක දී ඉතාමත් වැරදි ලෙස පොලිසිය විසින් පහර දුන්නා. 

පෞද්ගලික වෛද්‍ය සේවාවලින් ද අද දිනයේ ඉවත් වන බවයි වෛද්‍ය සමන්ත ආනන්ද වැඩිදුරටත් පැවසුවේ. 

කෙසේ වෙතත් හදිසි ප‍්‍රතිකාර සේවා සියලූම රෝහල්වල අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

මාතෲ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, ත‍්‍රිවිධ හමුදා රෝහල්, වකුගඩු ප‍්‍රතිකාර ඒකකවල වැඩ වර්ජනය ක‍්‍රියාත්කම නොවන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.