Friday, March 29, 2024

General line - 0115112241

අර්ථාන්විත දඹදිව චාරිකාවක් වෙනුවෙන් ට‍්‍රැවල් නෙත් අද ඇරඹෙයි (PHOTOS)




නෙත් එෆ් එම් රේඩියෝවේ ‘‘ට‍්‍රැවල් නෙත් - දඹදිව චාරිකා’’ ව්‍යාපෘතිය අද (22) සිට ක‍්‍රියාත්මක වනවා. 

ඒ, අසිරිමත් බුද්ධ දේශය ශ‍්‍රද්ධාව පෙරදැරිව අර්ථාන්විතව වන්දනා කිරීමට අවශ්‍ය ආධ්‍යාත්මික මඟ පෙන්වීම හා උසස් පහසුකම් සැලසීමේ අරමුණින්. 

වඩාත් සුරක්ෂිතව, විශ්වසනීය ලෙස සහ වන්දමාන සඳහා ප‍්‍රමුඛත්වය ලබා දෙමින් සැදැහැ සිතින් දඹදිව චාරිකාවේ යෙදීමේ අවස්ථාව ශ‍්‍රී ලාංකික සැදහැවතුන්ට ‘‘ට‍්‍රැවල් නෙත් - දඹදිව චාරිකා’’ ව්‍යාපෘතිය හරහා උදා වනු ඇති. 

ට‍්‍රැවල් නෙත් ආයතනය හරහා සංවිධාන කරන දඹදිව චාරිකා සඳහා මාර්ගෝපදේශකත්වය ලබා දෙන්නේ වසර නවයක දඹදිව චාරිකා අත්දැකීම් සහිත කුරුණෑගල තිස්ස ජයවර්ධනයි. 

ඔහු දඹදිව චාරිකා 125කට වැඩි සංඛ්‍යාවක මාර්ගෝපදේශකවරයා ලෙස කටයුතු කර තිබෙනවා. 

ට‍්‍රැවල් නෙත් ආයතනය සමග එක්ව දඹදිව චාරිකා සඳහා පිටත්ව යාමට ඔබටද දැන් දින වෙන්කර ගත හැකියි. 

ඒ පිළිබඳ වැඩි විස්තර බත්තරමුල්ල අංක 108/1 ස්ථානයේ පිහිටි ට‍්‍රැවල් නෙත් ප‍්‍රධාන කාර්යාලයෙන් ලබාගත හැකි වනවා.