Friday, March 29, 2024

General line - 0115112241

ඥාණසාර හිමිගේ මාරාන්තික උපවාසය පැය කිහිපයකින් නවතියි




තමන් වහන්සේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව පවසමින් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඊයේ පස්වරුවේ ආරම්භ කළ උපවාසය නතර කර තිබෙනවා. 

උන්වහන්සේ මෙම උපවාසය ආරම්භ කළේ මහනුවර මල්වතු මහා විහාරය ඉදිරිපිටදීයි. 

ඒ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට උපවාසයේ පැවති ස්ථානයේ සිටි නෙත් නිවුස් වාර්තාකරු චන්දන උඩුවාවල සම්බන්ධ කර ගත්තා. 

බොදුබල සේනා සංවිධානය, සිංහල රාවය ජාතික සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක ගිහි පැවදි නියෝජිතයින් පිරිසක් මල්වතු පාර්ශවයේ මහනායක හිමියන් ඊයේ මුණගැසීමෙන් අනතුරුවයි මෙම උපවාසය ආරම්භ කළේ.