Thursday, April 25, 2024

General line - 0115112241

පිළියන්දල වෙඩි තැබීමට ඇල්ලූ කාන්තාව ඇතුළු තිදෙනා අධිකරණයට




පිළියන්දල ප‍්‍රදේශයේ දී මත් ද්‍රව්‍ය වැටලීමක් සඳහා සහභාගී වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන කාන්තාවක ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, මිරිහාන විශේෂ විමර්ශන ඒකකය සිදු කළ පරීක්ෂණයකට අනුවයි. 

සැකකාර කාන්තාව 44 හැවිරිදි වියේ පසුවනවා. 

සෙසු සැකකරුවන් දෙදෙනා විසිදෙවන වියේ පසුවන බවයි පොලිසිය පැවසුවේ. 

අහංගම ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.