Wednesday, April 24, 2024

General line - 0115112241

පිළියන්දල වෙඩි තැබීමේ සිද්ධියට ඇල්ලූ සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්




පිළියන්දලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ජූනි මස 05 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

අපරාධ සිදුකිරීම සඳහා ආධාර අනුබලදීම, සාක්ෂි අතුරුදහන් කිරීම, අසත්‍ය තොරතුරු සැපයීම, හා සැකකරුට රැකවරණ සැපයීම සම්බන්ධයෙන් කාන්තාවක හා පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (21) දිනයේදී අහංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.

පිළියන්දල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා සහභාගිවූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩිතබා පොලිස් නිලධාරියෙකු හා කුඩා දැරියක ඝාතනය කිරීමත්, තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට හා සිවිල් පුද්ගලයින්ට තුවාල සිදුකිරීමත් යන වරදට මොවුන් සැකකරුවන් වී සිටිනවා.