Thursday, March 28, 2024

General line - 0115112241

ප්‍රේමදාස දියණියට හොර නෝට්ටු දුන් ව්‍යාපාරිකයා මට්ටු වෙයි




හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ දියණිය වන දුලාංජලී ජයකොඩිට ව්‍යාජ මුදල් නෝට්ටු ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ව්‍යාපාරිකයාට අද (22) අත්හිටවූ සිර දඬුවමක් නියම කෙරුණා.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගේ නියෝගයකට අනුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගත් අදාළ ව්‍යාපාරිකයාට වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඬුවම වසර 05කට අත්හිටුවීමටයි විනිසුරුවරයා මෙහිදී නියෝග කළේ.

ඊට අමතරව රුපියල් පනස් දහසක දඩ මුදලක්ද නියම කෙරුණා. එමෙන්ම සිද්ධියෙන් අගතියට පත් දුලාංජලී ජයකොඩිට රුපියල් ලක්ෂ 20ක වන්දි මුදලක් ගෙවන ලෙස ද විනිසුරුවරයා නියෝග කළා.