Thursday, April 25, 2024

General line - 0115112241

මැන්චෙස්ටර් ක්‍රීඩාංගනයේ පිපිරීමක් - 19ක් මරුට -  තුවාල ලැබු සංඛ්‍යාව 60 දක්වා ඉහළට (UPDATE)




එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර සංගීත ප‍්‍රසංගයක් ඉලක්ක කර එල්ල වූ ප‍්‍රහාරය මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් විය හැකි බව එරට අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ සැක පළ කරනවා. 

පිපිරීමෙන් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තුවාල ලැබූ සංඛ්‍යාව 60 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ මැන්චෙස්ටර්හි අරීනා ක‍්‍රිඩාංගණයේ පැවති අමෙරිකානු ගායිකාවක් වන ආරියානා ග‍්‍රෑන්ඞ්ගේ සංදර්ශනයකටයි. 

---------------------------------------------------------

මැන්චෙස්ටර් ක්‍රීඩාංගනයේ පිපිරීමක් - 19ක් මරුට -  50කට තුවාල (VIDEO/PHOTOS) (23-05-2017 AM 06.11)

එංගලන්තයේ මැන්චෙස්ටර්හි 'මැන්චෙස්ටර් අරීනා' ක්‍රීඩාංගනයේ පිපිරීමක් සිදු වී තිබෙනවා.

මේ වන ව්ට මරණ 19 සිදුවී තවත් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

ක්‍රීඩාංගනයේ පැවති සංගීත ප්‍රසංගයක් අවසානයේදී 'විශාල පිපිරුම්' හඬක් ඇසුණු බව සිද්ධිය දුටුවෝ පවසනවා.

ඔවුන් සඳහන් කරන පරිදි අරීනා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ප්‍රවේශපත් කාර්යාලය දෙසින් පිපිරීම් දෙකක් ඇසී තිබේ.
සිද්ධිය වූ ස්ථානයට ආසන්නයේ පිහිටි මැන්චෙස්ටර් වික්ටෝරියා දුම්රිය ස්ථානය වසා දැමුණු අතර සියලු දුම්රිය ගමන් අවලංගු කර ඇත.

පිපිරීමට හේතුව කුමක්දැයි පැහැදිලි නැතත්, ත්‍රස්තවාදී මර්දන ඒකකය විසින් මෙය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සළකා කටයුතු කරන බව වාර්තා වේ.

සිද්ධිය වූ ස්ථානයට ආසන්නයේ පිහිටි මැන්චෙස්ටර් වික්ටෝරියා දුම්රිය ස්ථානය වසා දැමුණු අතර සියලු දුම්රිය ගමන් අවලංගු කර ඇත.