Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දියාව අංගොඩ ලොක්කාගේ තොරතුරු ඉල්ලයි




ඉන්දියාවේ චෙන්නාහිදී අත්අඩංගුවට ගත් බව කියන පාතාල කල්ලි නායක අංගොඩ ලොක්කා නැමැති සැකකරුගේ අනන්‍යතාව තහවුරු කර ගැනිම සඳහා ඉන්දීය ආරක්ෂක අංශ ශ‍්‍රී ලංකාවෙන් සහය ඉල්ලා තිබෙනවා. 

ඒ අනුව සැකකරුගේ ඡායාරූප සහ තවත් විස්තර රැසක් ඉන්දීය ආරක්ෂක අංශ වෙත ලබා දෙන බවයි පොලිසිය පැවසුවේ. 

කළුතර දී බන්ධනාගාර බස් රථයට වෙඩි තබා සමයං නැමති පාතාල කල්ලි නායකයා ඇතුළු 07 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අංගොඩ ලොක්කාට චෝදනා එල්ල වනවාත ඔහු අදාළ වෙඩි තැබීම සිදු කළ දිනයේදීම හෝ ඊට ආසන්න දිනකදී බෝට්ටුවක් ආධාරයෙන් කල්පිටිය ප‍්‍රදේශයෙන් ඉන්දියාවට පලා ගොස් ඇති බවයි දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. 

පසුව ඔහු ඉන්දියාවේ චෙන්නායි ප‍්‍රදේශයේ සැඟව සිට ව්‍යාජ ගමන් බලපත‍්‍රයක්ද සකස් කර ගෙන තිබෙනවා. 

ඒ ආධාරයෙන් සැකකරු චෙන්නායිහි සිට තවත් ප‍්‍රදේශයකට ගුවනින් ගමන් කිරිමට උත්සාහ කළ අවස්ථාවේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැණුනා. 

මේ වනවිට සැකරකැගෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරිම් සිදු කෙරෙනවා.