Thursday, March 28, 2024

General line - 0115112241

නව ඇමතිවරුන්ගේ විෂය පථයන් ගැසට් කිරීම දින 05ක් ඇතුළත




නව කැබිනට් සංශෝධනයට අදාළ විෂය පථයන් ඉදිරි දින ඇතුළත  ගැසට් කිරීමට රජය තීරණය කර තිබෙනවා. 

දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ ජනාධිපතිවරයා අග‍්‍රාමාත්‍යවරයා සහ රජයේ ප‍්‍රධාන ඇමතිවරුන් කිහිප දෙනෙකු රැස්වී විෂය පථයන් වෙන් කිරීම පිළිබඳ සාක්ච්ඡා කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බවයි. 

දැනට සිටින කැබිනට් අමාත්‍යවරුන් සතු  ආයතන කිහිපයක්ද නව අමාත්‍යවරුන් වෙත පැවරීමේ සූදානමක් ඇතැයි වාර්තා වනවා.

මේ අතර, විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ මෙතෙක් නොතිබුණු විෂය පථයන් සහ ආයතන කිහිපයක් එම අමාත්‍යංශය යටතට පැවරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා. 

ඒ අනුව, මුදල් අමාත්‍යංශය යටතේ පැවති සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය, විදේශ කටයුතු අමාතයංශය යටතට පත්  කරනු ඇති. 

ඊට අමතරව ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශය යටතේ ඇති මහපොළ ශිෂ්‍ය භාරකාර අරමුදලද විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පත් කරන බවයි වාර්තා වන්නේ. 

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති වැවිලි ක්ෂේත‍්‍රයේ ආයතන කිහිපයක් ද විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පැවරීමේ සූදානමක් පවතිනවා. 

ශ‍්‍රි ලන්කන් ගුවන් සමාගම සහ ශ‍්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිසන් සභාව ද විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පවරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ.