Thursday, April 25, 2024

General line - 0115112241

සංගා පළමු පෙළ ක්‍රිකට් තරඟ වලින්ද සමුගනී




සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පළමු පෙළ ක‍්‍රිකට් දිවියට සමු දීමට තීරණය කර තිබෙනවා. 

ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන එංගලන්ත පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය සංගක්කාර සහභාගී වන අවසන් තරගාවලියයි. 

ඔහු ඉකුත්දා පළමු පෙළ ක‍්‍රිකට් තරගවල ලකුණු විසිදහසේ සීමාව පසු කිරීමටද සමත් වුණා. 

එවැනි දස්කමක් දැක්වූ පළමු ශ‍්‍රී ලාංකිකයා වන්නේ  කුමාර් සංගක්කාරයි. 

ඔහු ඉකුත් 2015 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව එක් දින ක‍්‍රිකට් දිවියට සමු දුන්නා. 

2014 වර්ෂයේදී විස්සයි විස්ස ලෝක කුසලානය ශ‍්‍රී ලංකාවට දිනා දීමෙන් අනතුරුව සංගක්කාර අන්තර්ජාතික විස්සයි විස්ස ක‍්‍රිකට් පිටියෙන් ද සමු ගත්තා.