Saturday, April 20, 2024

General line - 0115112241

දුම්රිය රියදුරු වර්ජනය අත්හිටුවයි




ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් දුම්රිය රියදුරු සංගමය හෙට (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටවූ බව ලොකොමැටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසනවා.

ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් වූ දුම්රිය රියදුරු හා සහායකයන් බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කිරීම හා තරග විභාග තාවකාලිකව නැවතීම ඇතුළු ඉල්ලීම්වලට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා එකඟත්වය පළ කිරීම හේතුවෙන් මෙම වර්ජනය අත්හළ බව ඔහු සඳහන් කරනවා.