Friday, April 19, 2024

General line - 0115112241

කේරළ ගංජා කිලෝ 58ක් වැන් රථයකින් මතුවෙයි




රුපියල් ලක්ෂ 58ක් පමණ වටිනා කේරළ  ගංජා කිලෝ ග‍්‍රැම් 58ක් වැන් රථයකින් ප‍්‍රවාහනය කල බව කියන පුද්ගලයෙකු මාචදම්පේ සුරාබදු කාර්යාලයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, ඊයේ රාත‍්‍රියේ මහවැව ප‍්‍රදේශයේ කළ වැටලීමකදියි. 

යාපනයේ සිට කොළඹ දක්වා ගමන් කරන වෑන් රථයකින් ගංජා ප‍්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කෙරුණා. 

අත්අඩංගුවට ගත් සැකකරු අද හලාවත  මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.