Wednesday, April 24, 2024

General line - 0115112241

යෝෂිත රාජපක්ෂට විදෙස් ගත වීමට අවසර ලැබෙයි




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට මාස 02ක කාලයක් විදෙස් ගත වීම සඳහා අධිකරණය අද (23) අවසර ලබා දුන්නා. 

මුදල් විශුද්ධිකරණ පනත යටතේ විභාගවන නඩුවකට අදාළව යෝෂිත රාජපක්ෂට විදෙස් තහනමක් පනවා තිබෙනවා. 

අදාළ තහනම පනවා ඇත්තේ කඩුවෙල මහේස්ත‍්‍රාත්වරයා විසින්. 

ප‍්‍රතිශෝධන පෙත්සමක් ගොනු කරමින් යෝෂිත රාජපක්ෂ මහාඅධිකරණයෙන් ඉල්ලා සිටියේ වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔස්ටේ‍්‍රලියාවට යාමට අවශ්‍ය බවයි. 

අදාළ ඉල්ලීමට නීතිපතිවරයා විරෝධය නොදැක්වීම නිසා ඊට අවසර ලබා දෙන බවයි මහාධිකරණ විනිසුරු ඒ ඒ ආර් හෙයියන්තුඩුව සඳහන් කළේ. 

ඒ සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසද නියෝග කෙරුණා.