Thursday, March 28, 2024

General line - 0115112241

ජනපති ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්ව යයි




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තෙදින නිළ සංචාරයක් සඳහා අද (23) ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගියා.

ඒ, ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත්  එස් එල් යූ එල් 308 දරන ගුවන් යානයෙන්.

ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ මෙම ඔස්ටේ‍්‍රලියානු  රාජ්‍ය සංචාරය සුවිශේෂි එකක් වන බවයි.

1954 වසරේ දී හිටපු අග‍්‍රාමාත්‍යවරයෙකු වන ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ඔස්ටේ‍්‍රලියානු රජයෙන් ලද ආරාධනයක් අනුව එරට නිළ සංචාරයක නිරත වීමෙන් පසු ශ‍්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු ඔස්ටේ‍්‍රලියාවේ නිල සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි.