Saturday, April 20, 2024

General line - 0115112241

කොළඹට පැය 18 ක ජල කප්පාදුවක්




කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට (24) රාත‍්‍රී 10.00 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

කොළඹ 02 සහ 03 යන ප‍්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ. ඒ අනුව හෙට රාත‍්‍රී 10.00 සිට බ‍්‍රහස්පතින්දා රාත‍්‍රී 07.00 දක්වා කාලය තුළ එම ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

තිඹිරිගස්යාය, හැව්ලොක් පාර, කොළඹ 08 සහ කොලඹ 10 යන ප‍්‍රදේශවලට ද එම කාල සීමාවේ දී අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළා. හදිසි අත්‍යවශ්‍ය, ජලනල අලුත්වැඩියාවක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.