Friday, April 19, 2024

General line - 0115112241

කඩා වැටුණු පස් කන්දට යට වී සිටි තවත් අයෙකුගේ සිරුරක් හමුවෙයි




මාවනැල්ල ප්‍රදේශයේ ඉදිකිරීම් ස්ථානයක පස් කන්දක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරෙන් මියගිය සංඛ්‍යාව පුද්ගලයින් 02 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද (23) පෙරවරුවේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක පැති බැම්මක් සකස් කරමින් සිටි සේවකයින් තිදෙනෙකු මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන්නා.

එහිදී රෝහල් ගත කර සිටි එක් තුවාලකරුවෙකු මිය ගිය අතර පසුව පස් කන්දට සිරවී සිටි තවත් අයෙකුගේ සිරුරක් හමු වී තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාවනැල්ල, රුපුලගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක් වූ තිලක් රූපසිංහ නැමැත්තෙකු සහ මාවනැල්ල වහරක්ගොඩ පදිංචි වයස අවුරුදු 44 ක් වූ එම්.ජී ජයසිරි නැමැත්තෙක්.

බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් කඩා වැටුණු පස් කන්දට යටවී සිටින බව පැවසෙන පුද්ගලයින් බේරා ගැනීමට පොලිසිය ඇතුළු ප්‍රදේශවාසීන් කටයුතු කළා.