Tuesday, April 23, 2024

General line - 0115112241

මැති ඇමති වාහන ගන්න මුදල් කාරක සභාව අනුමැතිය නොදෙයි




පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට වාහන මිල දී ගැනීමට ඉදිරිපත් කරන පරිපූරක ඇස්තමේන්තු අනුමත කළ නොහැකි බව මුදල් කාරක සභාව කථානායකවරයාට දැනුම් දී තිබෙනවා.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම් ඒ සුමන්තිරන් කියා සිටියේ වාහන මිල දී ගැනීමට අදාළ තොරතුරු ලබාදෙන තුරු ඒ සඳහා අනුමැතිය ලබාදිය නොහැකි බවයි.

මුදල් අමාත්‍යාංශයේ විසර්ජන පනතට අදාළ නියමයන් පිළිබඳ පාර්ලිමේන්තුවේ අද පැවති විවාදයට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා.