Friday, March 29, 2024

General line - 0115112241

සංහිඳියාවට බාධා කරන පිරිස්වලට එරෙහිව නීතිය දැඩි කරයි




රටේ විවිධ ස්ථානවල ඉකුත් දිනවලදී ඇති වූ පහරදීම් සහ විවිධ සංවිධාන විසින් සිදු කරන ක්‍රියාකාරකම් ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක‍්‍රියාත්මක කිරීමට අද (23) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවක දී ඒ පිළිබඳ කරුණු දැක්වූ කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක සඳහන් කළේ ජාතිවාදී හෝ වෙනයම් අරමුණකින් රටේ විවිධ ස්ථානයන්වලදී මෙම කණ්ඩායම් විවිධ සිද්ධීන් ඇති කරන බව නිරීක්ෂණය වූ බවයි. මෙම සිද්ධීන් සඳහා රජය විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට කැබිනට් රැස්වීමේදී තීරණය කළ බවත් සඳහන් කළා.

එවැනි සිද්ධීන් මැඩපැවැත්වීමට අදාළ ප‍්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරුන්ට වගකීම පැවරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක සඳහන් කළේ. 

රටේ නීතිය කිසිඳු භේදයකින් තොරව එක හා සමානව ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රතිපත්තිය බවද මෙහිදී පෙන්වා දුන්නා.