Friday, April 19, 2024

General line - 0115112241

ජනපති මැන්චෙස්ටර් ප්‍රහාරය හෙළාදකී




එංගලන්තයේ මැන්චෙස්ටර්හි සංගීත ප‍්‍රසංගයට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් හෙළා දැක තිබෙනවා.

එංගලන්ත අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ, වෙත ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සියලු ආකාරයේ ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ලොව සියලු රාජ්‍යයන් ප‍්‍රමුඛත්වය දිය යුතු බවයි.

දේශපාලන අරමුණු වෙනුවෙන් නිරායුධ අහිංසක පුරවැසියන් ඝාතනය කිරීම බියසුළු ක‍්‍රියාවක් බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

මෙම ඛේදජනක අවස්ථාවේ දී බි‍්‍රතාන්‍ය රජය සහ එරට ජනතාව වෙත ලක් රජයේ සහ ජනතාවගේ බලවත් කණගාටුව පළ කරන බවද ජනාධිපතිවරයාගේ ශෝක පණිවුඩයේ දැක්වෙනවා.

එමෙන්ම ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත සිය බලවත් සංවේගය පළ කරන බවද තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරන බවද එහි වැඩිදුරටත් සඳහන් වනවා.