Wednesday, April 24, 2024

General line - 0115112241

කසලවලට විසඳුම් වචනවලට සීමා නොකරමු




මීතොටමුල්ල කසල කන්ද නායයාමෙන් ඇති වූ කම්පනය ක‍්‍රමයෙන් පහව යනවාත් සමග කසල විධිමත්ව බැහැර කිරීම සම්බන්ධයෙන් ආරම්භ වූ සංවාදය ද යටපත් වෙමින් ඇතැයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසනවා.

එහි නියෝජිතයෙකු වන පූජ්‍ය වෑකඳවල රාහුල හිමියන් පෙන්වා දෙන්නේ තැන් තැන්වල කසල කඳු ගොඩගැසීම තවමත් සිදු වෙමින් ඇති බවයි. 

තවත් බොහෝ ගැටළු සම්බන්ධයෙන් මෙන්ම කසල සම්බන්ධයෙන් ද විසඳුම් ලබාදීම වචනවලට සීමා නොකර ක‍්‍රියාවෙන් කළ යුතු බව නෙත් නිවුස් විශ්වාස කරනවා.

ඒ අනුව කසල විධිමත්ව බැහැර කිරීම සඳහා ජනතාව පොළඹවාලන ක‍්‍රියාකාරකම් සංවිධාන කිරීමටයි නෙත් නිවුස් අපේක්ෂා කරන්නේ.

එහි පළමු වැන්න එළඹෙන පොසොන් පොහෝ දිනය නිමිති කර ගනිමින් අනුරාධපුරය සහ මිහින්තලයේ දී සිදු කිරීමට නියමිතයි.