Friday, March 29, 2024

General line - 0115112241

"අමාත්‍යවරු විතරක් නෙමෙයි අමාත්‍යාංශ ගැනත් ගැටලු තියෙනවා"



අමාත්‍යවරුන් සංඛ්‍යාවට පමණක් නොව අමාත්‍යංශ සංඛ්‍යාවට ද සීමාවක් පැනවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එසේ නොවුණහොත් අපේක්ෂිත ප‍්‍රතිඵල නොලැබී යන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

ඊයේ (23) රාත්‍රි 7.30 ට  ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේ දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මේ පිළිබඳ දීර්ඝ ලෙස පැහැදිළි කළා.

ඔහු පෙන්වා දුන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සීමාවක් පනවා ඇත්තේ අමාත්‍යවරුන් සංඛ්‍යාවට පමණක් බවයි. එහෙත් අමාත්‍යංශ ඊට වඩා බෙහෙවින් වැඩි ගණනක් පවතින බවද එක් අමාත්‍යවරයෙකු අමාත්‍යංශ කිහිපයක් හොබවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)