Wednesday, April 24, 2024

General line - 0115112241

ජනපති කැන්බරා ගුවන් තොටුපලට පැමිණෙයි




ඕස්ටේ‍්‍රලියාවේ රාජ්‍ය සංචාරයක් සඳහා මව්බිමෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (24) අලුයම එරට කැන්බරා ගුවන් තොටුපලට ළඟා වී තිබෙනවා.

ජනාධිපතිවරයාට එහිදී උණුසුම් පිළිගැනීමක් ලැබුණු බවයි එහි සිටින නෙත් නිවූස් වාර්තාකරුවන් පවසන්නේ. 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඕස්ටේ‍්‍රලියාවේ මෙම සංචාරය සිදු කරන්නේ එරටින් ලැබුණු නිල ආරාධනයක් අනුවයි. දෙරට අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවලට වසර 70ක් සම්පූර්ණ වීම ඊට නිමිත්ත වී තිබෙනවා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම සංචාරයේ දී  ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් හමුවීමට නියමිතයි. අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතව තිබෙනවා. 

අමාත්‍ය ජෝන් අමරතුංග, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සීටිනවා.