Friday, April 19, 2024

General line - 0115112241

පළාත් පාලන මැතිවරණය කල්යන හේතුව අගමැති කියයි




පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල්යාම පිළිබඳ පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) ප‍්‍රශ්න කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන ඇසූ ප‍්‍රශ්නයට පිළිතුරු ලබා දුන්නේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතායි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇති බාධා පිළිබඳ අග‍්‍රාමාත්‍යවරයා එහිදී පැහැදිලි කළා.

"මැතිවරණ ආඥා පනතේ සංශෝධන පනස් ගණනක් ගේන්න තියෙනවා. ඒ නිසා අපි රැස්වෙලත් අන්තිම තීරණයක් ගන්න බැරි වුනා. ආපහු සාකච්ඡා කරලා කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන්නම්. පක්ෂයක් දෙකක් එකතු වෙලා මේ සංශෝධනය වෙන එක හිර කර ගත්තොත් තවත් කාලය යයි." 

මෙම කරුණ සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා, අග‍්‍රාමාත්‍යවරයාගෙන් අතුරු ප‍්‍රශ්න කිහිපයක් ද විමසා සිටියා.

(එම හඬපටය පහතින් දැක්වෙයි)