Friday, April 26, 2024

General line - 0115112241

මෙරට ක්‍රීඩා බලධාරීන්ට පාඩම් කියාදෙමින් ආසියානු යොවුන් මළල ක‍්‍රීඩා තරගාවලිය නිමාවෙයි




ආසියානු යොවුන් මළල ක‍්‍රීඩා තරගාවලිය තායිලන්තයේ බැංකොක් නුවර දී ඊයේ (23) නිමාව දුටුවා.

පදක්කම් සටහනේ පෙරමුණ ගත්තේ චීනයයි. රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 09ක් සහ ලෝකඩ පදක්කම් 05ක් ඔවුන් විසින් දිනාගෙන තිබුණා.

දෙවන ස්ථානය හිමිවූයේ චීන තායිපේ කණ්ඩායමටයි. රන් පදක්කම් 06ක්, රිදී පද්කකම් 07ක් සහ ලෝඩක පදක්කම් 02ක් ඔවුන් විසින් දිනාගෙන තිබුණා.

පදක්කම් සටහනේ තුන්වන ස්ථානය හිමිවුණේ ඉන්දියාවටයි. රන් පදක්කම් 05ක්, රිදී පදක්කම් 05ක් සහ ලෝකඩ පදක්කම් 04ක් ඔවුන් විසින් දිනාගෙන තිබුණා.

ශ‍්‍රී ලංකාවට හිමිවූයේ මෙම පදක්කම් සටහනේ 17 වන ස්ථානයයි. රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වුණා. 

මේ අතර ආසියානු යොවුන් මළල කි‍්‍රඩා තරගාවලියේ මීටර් 400 පිරිමි කඩුලු මතින් දිවීමේ ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව නියෝජනය කළ නවෝද්‍ය සංකල්ප  ඊයේ (23) සමත් වුණා.

ඔහු දැක් වූ දක්ෂතාව තත්පර 53 යි දශම 8 යි 6ක්. නවෝද්‍ය සංකල්ප ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුවෙකුද වනවා.

තායිලන්තයේ බැංකොක් නුවර පැවැති 2 වන ආසියානු යොවුන් මලල කි‍්‍රඩා තරගාවලියේ ශී‍්‍ර ලංකාව දිනු දෙවන පදක්කමද මෙයයි.

මීට පෙර වලල එ් රත්නායක විද්‍යාලයේ හර්ෂ කරුණාරත්න මීටර් 800 පිරිමි ධාවන ඉසව්වෙන් ශී‍්‍ර ලංකාවට රිදි පදක්කමක් දිනා දුන්නා.

මේ අතර ඊයේ පැවැති මීටර් 200 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයට එක් වූ කොටහේන බෙනඩික් විද්‍යාලයේ ශාලික සන්තුෂ්ට සිවුවන ස්ථානයෙන් සෑහිමකට පත්විමට සිදු වුණා. ඔහුගේ තරග නිමි කාලය තත්පර 21 යි දශම 9 යි දෙකක්. එම දක්ෂතාව ඔහුගේ පෞද්ගලික හොදම කාලයද වනවා.

මීටර් 2000 බාධක දිවීම ඉසව්වේ රන් පදක්කම් බලාපොරොත්තුව තබා සිටි අස්මිකා ක්‍රීඩිකාව ව මීටර් 3000 ඉසව්වට ද , පෙර පුහුණු තරගයක් ලෙස සලකමින් සහභාගීකරවීමට, පුහුණුකරු ගත් අදූරදර්ශී තීරණය හේතුවෙන් ඇයට මීටර් 2000 බාධක දිවීම ඉසව් ද අහිමි වූ සිද්ධියක් වාර්තා වුණා.