Saturday, April 20, 2024

General line - 0115112241

සහල් ආනයනයට පෞද්ගලික අංශයට අවසර දීමට කැබිනට් තීරණයක්




සහල් මිළ සීග‍්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා. 

ඒ අනූව සහල් ආනයනය සඳහා පෞද්ගලික අංශයට අවසර ලබා දීමටයි තීරණයවී ඇත්තේ. 

ආනයනය කළ යුතු සහල් ප‍්‍රමාණය ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් තීරණය කරනු ඇත. 

කෙසේ වෙතත් සහල් ආනයනයෙන් දේශීය ගොවීන්ට ද අහිතකර බලපෑමක් ඇති නොවිය යුතු බවයි කැබිනට් මණ්ඩලයේදී ප‍්‍රකාශවී ඇත්තේ.