Friday, April 26, 2024

General line - 0115112241

ගම්පහ - උඩුගම්පල සිදු වූ රිය අනතුරකින් තරුණයෙක් සහ තරුණියක් මරුට




ගම්පහ - උඩුගම්පොල නයිවල මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

ඔවුන් ගමන් ගත් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පෙරලී ගොස් ඉදිරියෙන් පැමිණි බවුසර් රථයකට යටවී ඇති බවයි පොලිසිය පැවසුවේ. 

අනතුරින් දහ අට හැවිරිදි තරුණයෙකු සහ දහසය හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

අනතුර සම්බන්ධයෙන් බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.