Friday, March 29, 2024

General line - 0115112241

පරිසර විනාශයක් කරමින් මැණික් ගැරූ තුන් දෙනෙකු අත්අඩංගුවට (PHOTOS)




මහවැලි ගගේ අතු ගංගාවක විශාල පරිසර හානියක් සිදු කරමින් ගිනිගත්හේන උඩුබුලත්ගම ප‍්‍රදේශයේ - අග‍්‍රාඔයේ මැණික් ගැරූ තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ හැටන් පොලිසියේ කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින්. මැණික් ගැරීමට යොදා ගත් උපකරණ රැුසක් සහ මැණික් ඉල්ලම් තොගයක් ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිනිගත්හේන - උඩුබුලත්ගම ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙක්. 

ඔවුන් හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.