Thursday, April 25, 2024

General line - 0115112241

ශෂිකලා යලි පිටියට




එංගලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සඳහා වන ශ‍්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ක‍්‍රීඩිකාවන් පහලොස් දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායකයා ලෙස නම්කර ඇත්තේ ඉනෝකා රණවීරයි. 

ආබාධයක් හේතුවෙන් වසරකට අධික කාලයක් ක‍්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන ද සංචිතයට ඇතුළත්ව සිටිනවා. 

චමරි අතපත්තු, ඒෂාණි ලොකුසූරිය, චමරි පොල්ගම්පොල සහ ශ‍්‍රීපාලි වීරක්කොඩි ද එම සංචිතයට ඇතුළත්. 

රටවල් 08ක් තරග වදින කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ලබන මස 24 වැනිදා ආරම්භ වනවා. 

ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වන පළමු තරගය එදින පැවැත්වෙන්නේ නවසීලන්තයට එරෙහිවයි.