Friday, March 29, 2024

General line - 0115112241

ජාතිවාදීන්ට නීතිය දැඩි වෙයි - ඇමති හකීම් තේරීම් කාරක සභාවකුත් ඉල්ලයි




රටේ සියළු දෙනාට නීතිය සමානව ක‍්‍රියාත්මක කරන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක පවසනවා. 

පාර්ලිමේන්තුවේදී ඔහු මෙම අදහස් පළ කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මතු කළ කරුණකට පිළිතුරු ලබා දෙමින්. 

එහිදී අනුර දිසානායක මන්ත‍්‍රීවරයා විමසා සිටියේ ජාතිවාදී සහ ආගම්වාදී ගැටළුවලට ආණ්ඩුව ගෙන ඇති ක‍්‍රියාමාර්ග මොනවාද යන්නයි. 

මෙම විවාදයේදී අමාත්‍ය රවුෆ් හකීම් ද අදහස් පළ කළා. 

ඔහු සඳහන් කළේ පවතින ගැටළුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවයි.