Saturday, April 20, 2024

General line - 0115112241

අතුරුදන් වූ බව කියූ එරාවුර් ධීවරයින් පිරිස යළි ගොඩබිමට




මඩකලපුව එරාවුර් ප‍්‍රදේශයෙන් ධීවර කටයුතු  සඳහා පිටත්ව ගොස් අතුරුදන් වූ බව කියන ධීවරයින් 67 දෙනෙකු රැගත් යාත‍්‍රා 19 යළි නිරුපද්‍රිතව ගොඩබිමට පැමිණ තිබෙනවා. 

එම පිරිස අතුරුදන් වූ බවට ඔවුන්ගේ ඥාතීන්ගෙන් ලද තොරතුරක් අනූව නාවික හමුදාව පස්වරුවේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කළා. 

ඒ නාවික හමුදාවේ විශේෂ යාත‍්‍රා කිහිපයක් ද යොදා ගනිමින්. 

මේ අතර මුහුදේ සුළං වේගය තවදුරටත් ඉහළ යා හැකි බැවින් ධීවර සහ නාවික ප‍්‍රජාව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.