Thursday, April 25, 2024

General line - 0115112241

රතුපස්වලට අණ දුන් බ්‍රිගේඩියර් අත්අඩංගුවට




රතුපස්වල ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයකදී සිදු කෙරුණු වෙඩි තැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගැණුනා.

මෙම උද්ඝෝෂණය සිදු කෙරුණේ ඉකුත් 2013 වසරේ අගෝස්තු මස පළමු වැනිදායි.

වෙඩි තැබීම සිදු කළ කියන යුද හමුදා භට කණ්ඩායම මෙහෙයවූ බවට චෝදනා ලැබ සිටින්නේ මෙම නිලධාරියායි. 

ප්‍රදේශයේ පවතින ජල ගැටළුවට විසදුම් ඉල්ලා ඉකුත් 2013 වසරේ අගොස්්තු මස පළමු වැනිදා රතු පස්වල වැසියන් අදාල උද්ඝෝෂණය සිදු කළා.

එහිදී පුද්ගලයින් තුන් දෙනෙකු මිය ගිය අතර තුවලා ලැබූ පිරිස 33 දෙනෙකුට වැඩියි. මේ සම්බන්ධයෙන් යුධ හමුදාවේ තවත් නිලධාරීන් තුන් දෙනෙකු ද මීට පෙර අත්අඩංගුවට ගත් අතර මේ වනවිට ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.