Friday, April 19, 2024

General line - 0115112241

මහා ගං වතුර තත්ත්වයක්! ගංගා දෙපසින් ජනතාවට ඉවත්වන්නැයි උපදෙස්




නිල්වලා, ගිං, කළු සහ කැළණි ගංගා පිටාර ගැලීම මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ නිසා සියලූම ගංගා දෙපස සිටින ජනතාවට වහා ඉවත් වන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

කැළණි ගඟ යටියන්තොට ප‍්‍රදේශයෙන් පිටාර ගලමින් තිබෙනවා. කඩුවෙල, බෝමිරිය ප‍්‍රදේශයෙන්ද කැළණි ගග පිටාර ගලා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ. කැළණි ගග පිටාර ගැලීම හේතුවෙන් කොළොන්නාව, වැල්ලම්පිටිය, කැළණිය, බියගම, සේදවත්ත, දොම්පේ, හංවැල්ල, පාදුක්ක සහ අවිස්සාවේල්ල ප‍්‍රදේශවල කැළණි ගග දෙපස සිටින ජනතාවට වහාම ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා.

කඩුවෙල සිට හංවැල්ල දක්වා ස්ථාන රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් මෙම මාර්ගයේ රථ වාහන ධාවනයටද බාධා එල්ල වී ඇති බවයි පොලීසිය පැවසුවේ. මේ අතර ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවල ප‍්‍රදේශ රැුසක් ජලයෙන් යටවී තිබෙනවා.