Friday, March 29, 2024

General line - 0115112241

ආපදා හේතුවෙන් ජල සැපයුමටත් බාධා




තුම්මෝදර ප‍්‍රදේශයේ සිදුවූ නායයාමක් හේතුවෙන් කලටුවාව සහ ලබුගම ජල පවිත‍්‍රාගාරයන්හි සිට ජලය බෙදා හරින ප‍්‍රධාන ජල මාර්ගයකට හානි සිදුව තිබෙනවා. මේ හේතුවෙන් හංවැල්ල, කළුඅග්ගල, රණාල, නවගමුව සහ වග යන ප‍්‍රදේශවලට ජලසැපයුම බිද වැටී ඇති බවයි ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළේ. කඩුවෙල ප‍්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් නළ මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු අසීරු වී තිබෙනවා.  

මේ අතර මාතර සමූහ ජල යෝජනා ක‍්‍රමයෙන් හා වැලිගම ජලසම්පාදන ක‍්‍රමයෙන් මුදාහැරෙන ජලය තාවකාලිකව සීමා කර ඇති බවයි  ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළේ. ජල ගැලීම් හේතුවෙන් මාතර දිස්ති‍්‍රක් ජල පොම්පාගාරය යටවීමේ අවදානම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ අතර පවතින ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කළුතර දිස්ති‍්‍රක්කවල ප‍්‍රදේශ කිහිපයකද විදුලියද විසන්ධි වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් සදහන් කළේ.