Thursday, April 25, 2024

General line - 0115112241

ආපදා මෙහෙයුම් වලට අධි බලැති සන්නද්ධ රථ (PHOTOS)




ආපදාවට ලක්ව සිටින ජනතාව මුදා ගැනීම සදහා ති‍්‍රවිධ හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා හෙලිකොප්ටර් යානා 07 ක් ද යොදවා ඇති බවයි ගුවන් හමුදාව පැවසුවේ. නාවික හමුදාව විසින් ගංවතුර කොටුවී සිටින පිරිස් බේරාගැනීම සදහා යාත‍්‍රා 28 ක් යොදා තිබෙනවා.

මේ වනවිට නාවික හමුදාව විසින් මුදාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව හත්සියයකට අධිකයි. ගැණුනා. නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් මගින් දකුණු පළාතේ පමණක් පුද්ගලයින් 357 දෙනෙකු මුදාගෙන තිබෙනවා.

ගංවතුරට කොටුවී සිටි පිරිස් මුදා ගැනීමට අධිබලැති බී ටී ආර් වර්ගයේ විශේෂ සන්නද්ධ රථ 6 ක් යොදවා ඇති බවයි යුද හමුදාව පැවසුවේ. ආපදා පත්වූවන්ට සහන සැලසීම සදහා යුද හමුදාවේ දහසකට අධික පිරිසක් යොදවා සිටිනවා.

මේ අතර 19 90 ගිලන් රථ සේවයේ ගිලන් රථ 84 ක් ද විපතට පත්වූවන් වෙනුවෙන් යොදා තිබෙනවා.