Thursday, April 25, 2024

General line - 0115112241

විරෝධතා පෙළපාලි නවත්වන්න..- පොලිසිය සොයන අතරේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ විශේෂ ප්‍රකාශයක්(AUDIO)




බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ විශේෂ ප්‍රකාශයක් මේවන විට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

එම ප්‍රකාශයෙන් සඳහන් කර ඇත්තේ ආපදා තත්ත්වයෙන් විපතට පත්වූ ජනතාවට පිහිටට පත්වීමට සියල්ලන් එකතු විය යුතු බවයි.

රජයකට පමණක් එය කළ නොහැකි බව පවසන උන් වහන්සේ විරෝධතා පෙළපාලි නවත්වා  ආපදා තත්ත්වයෙන් විපතට පත්වූ ජනතාවට පිහිටවීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තමන්ගේ ප්‍රශ්නය තමන්ට  බලා ගත හැකි බවයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසන්නේ.

උන් වහන්සේ  අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ඊයේ නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පැවසුවා,

අධිකරණ නියෝගයක් මගින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට විදේශගත වීම ද තහනම්කර තිඛෙනවා. 

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තර්ජනය කිරීම සහ ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයෙන් වෛරී ප්‍රකාශ සිදු කිරීම උන්වහන්සේට එරෙහි චෝදනායි. 

බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ විශේෂ ප්‍රකාශය පහතින් ඇසිය හැකියි.