Thursday, April 25, 2024

General line - 0115112241

විභාග අවලංගුයි - තොරතුරු මෙතැනින් 




පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්  විභාග කිහිපයක් අවලංගු කර තිබෙනවා.

මැයි 27 දින පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට බඳවා ගැනීමට තිබූ තරග විභාගය, සහකාර රියදුරු උපදේශකයන් බඳවා ගැනීමේ ලිඛිත පරීක්ෂණය,කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයේ උපදේශක තනතුර සඳහා බඳවා ගැනීමේ විභාගය,ටවර් නාට්‍ය සහ රංග කළා පාසැලේ ඩිප්ලෝමාව සඳහා බඳවා ගැනීමේ විභාගය මෙලෙස අවලංගු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම 28 දින පැවැත්වෙන  රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට බඳවා ගැනීමට තිබූ තරග විභාගයේ ඉතිරි කොටසද අවලංගු කර තිබෙනවා.

විභාග යළිත් පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙනු ඇති.